අභියෝගාත්මක කාලය ජයගැනීමට පාර්ලිමේන්තු මහලේකම්වරිය සහාය ඉල්ලයි

පැමිණෙන විවිධ අභියෝග මැද රටේ උත්තරීතරම ආයතනයක් වන පාර්ලිමේන්තුවේ කටයුතු උපරිම කාර්යක්ෂමතාවකින් ඉටුකිරීම සදහා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම උපරිම සහය අපේක්ෂා කරන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

පාර්ලිමේන්තු මහලේකම් ධුරයට පත්වීමෙන් පසු ප්‍රථමවරට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අමතමින් පසුගියදා ඇය මේ බව සඳහන් කළා.

විශේෂයෙන් අත්දැකීම් බහුල පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ඉදිරි වසර කිහිපය තුළ විශ්‍රාම යාමට නියමිත බැවින් ඇතිවන තත්ත්වයන් කළමනාකරණය කරමින් උපරිම සේවයක් ලබාදීමේ අවශ්‍යතාව මෙහිදී ඇය පෙන්වා දුන්නා.

එමෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සදහා පරිපාලන සේවයේ නිලධාරීන් බඳවා ගන්නා බවට පළ වූ පුවත්වල කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් මහලේකම්වරිය මෙහිදී අවධාරණය කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19