එක්ස්ප්‍රස් පර්ල් ගින්න ගැන පෙත්සම අගවිනිසුරු හමුවට යොමු කිරීමට තීරණයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසත් ඉන් පීඩාවට පත්වූ ධීවරයන්ට වන්දි ගෙවන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම අගවිනිසුරුවරයා හමුවට යොමු කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළා.

අදාළ පෙත්සම් අද මුර්දු ප්‍රනාන්දු, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කර ඇති මෝසම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා එය අගවිනිසුරුවරයා වෙත යොමු කරන බවයි.

ඊට අමතරව මෙම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අවසර දෙන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අධිකරණය හමුවේ ඉල්ලීම් කර තිබුණා.

අදාළ පෙත්සම් ජූනි මස 10 වනදා යළි කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත්කරන බවත් නියම කළා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසත් ඉන් පීඩාවට පත්වූ ධීවරයන්ට වන්දි ගෙවන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57