අණ නොතකා ගිය යතුරුපැදිකරුවෙකුට පොලිසියෙන් වෙඩි

රඹුක්කන දලුග්ගල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

අද අලුයම 3.15ට පමණ පොලිසිය යොදා තිබූ මාර්ග බාධකයකදී මෙම පුද්ගලයා පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව පොලිසිය එම යතුරුපැදියට වෙඩි තබා ඇති අතර ඉන් ඔහුගේ වම් අතට සහ පාදයට තුවාල සිදුවි තිබෙනවා.

තුවාලකරු ප්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පොලිසිය කියාසිටියේ බජන් නම් පුද්ගලයෙකු විසින් අලුයම් කාලයේ හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත අදාළ මාර්ග බාධකය යොදා තිබූ බවයි.

එහිදී පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා බජන් නැමැත්තා බවට ඇති වූ සැකයක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ද සඳහන්.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්. මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51