spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අණ නොතකා ගිය යතුරුපැදිකරුවෙකුට පොලිසියෙන් වෙඩි

රඹුක්කන දලුග්ගල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

අද අලුයම 3.15ට පමණ පොලිසිය යොදා තිබූ මාර්ග බාධකයකදී මෙම පුද්ගලයා පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව පොලිසිය එම යතුරුපැදියට වෙඩි තබා ඇති අතර ඉන් ඔහුගේ වම් අතට සහ පාදයට තුවාල සිදුවි තිබෙනවා.

තුවාලකරු ප්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පොලිසිය කියාසිටියේ බජන් නම් පුද්ගලයෙකු විසින් අලුයම් කාලයේ හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත අදාළ මාර්ග බාධකය යොදා තිබූ බවයි.

එහිදී පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා බජන් නැමැත්තා බවට ඇති වූ සැකයක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ද සඳහන්.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්. මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?