කොරියානු රස්සා සිහින පෙන්වූ හොර ඒජන්සිකරු පේරාදෙණියේ දී කොටු

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් අයදුම්පත් කැදවා මුදල් අය කර අනතුරුව සම්මුඛ පරීක්ෂණ පැවැත් වූ බව කියන පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේරාදෙණිය – ගැටඹේ ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුට දකුණු කොරියාවේ රැකියා ලබාදීමට අවසරක් ලබාගෙන නිමති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් සඳහන් කළේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේදීත් විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණ සදහා පැමිණ සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී සැකකරු සන්තකයේ තිබී විවිධ පුද්ගලයින්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 275ක්,රැකියා අයදුම්පත් සහ පොලිස් සහතික පත් 615ක් ඇතුළු විශාල ලිපිගොනු ප්‍රමාණයක් එම නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

3000 කට වැඩි පිරිසක් සැකකරුගේ මෙම වංචාවට හසු වී ඇති බවයි විමර්ශණවල දී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43