චීනයට ආ මෙසීට බීජිං ගුවන් තොටුපොළේ දී අකරතැබ්බයක්

චීනයට පැමිණි සුපිරි ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලියනල් මෙසී බීජිං තොටුපොළේ දී චීන පොලිසිය විසින් රඳවා තබා ගැනීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වීසා ගැටළුවක් සම්බන්ධයෙන් මෙසීව මෙලෙස චීන පොලිසිය විසින් ගුවන් තොටුපොළේ දී රඳවා තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදර්ශනාත්මක පාපන්දු තරගයක් සඳහා චීනයට පැමිණි මෙසී වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් නොකර තිබීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බව සඳහන්.

35 හැවිරිදි මෙසී සතුව ආර්ජන්ටිනා සහ ස්පාඤ්ඤ විදේශ ගමන් බලපත්‍ දෙකක් පවතින අතර, ඉන් ස්පාඤ්ඤ විදේශ ගමන් බලපත්‍රය ඔහු විසින් චීනය සඳහා පැමිණීමට යොදාගෙන ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් ස්පාඤ්ඤ විදේශ ගමන් බලපත්‍රයකින් චීනයට පැමිණීමට නම් පෙර අයදුම්කළ වීසා බලපත්‍රයක් තිබිය යුතු වනවා.

ඒ, අනුව මෙසී සතුව කලින් අයදුම්කළ වීසා බලපත්‍රයක් නොතිබීම හේතුවෙන් මෙම ගැටලුව මතුව තිබෙනවා.

එම අවස්ථවේ සිය රටට පැමිණි මෙම සුපිරි පාපන්දු තරුවට කඩිනමින් චීනයට ඇතුළුවීමට අවශ්‍ය වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට චීන බලධාරී කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

කෙසේ වෙතත් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට මෙසී සහ චීන ගුවන් තොටුපොළ ආරක්ෂකයින් අතර භාෂාව ගැටළුවක් වී ඇති බවට ද තොරතරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14