spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීනයට ආ මෙසීට බීජිං ගුවන් තොටුපොළේ දී අකරතැබ්බයක්

චීනයට පැමිණි සුපිරි ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලියනල් මෙසී බීජිං තොටුපොළේ දී චීන පොලිසිය විසින් රඳවා තබා ගැනීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වීසා ගැටළුවක් සම්බන්ධයෙන් මෙසීව මෙලෙස චීන පොලිසිය විසින් ගුවන් තොටුපොළේ දී රඳවා තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදර්ශනාත්මක පාපන්දු තරගයක් සඳහා චීනයට පැමිණි මෙසී වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් නොකර තිබීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇති බව සඳහන්.

35 හැවිරිදි මෙසී සතුව ආර්ජන්ටිනා සහ ස්පාඤ්ඤ විදේශ ගමන් බලපත්‍ දෙකක් පවතින අතර, ඉන් ස්පාඤ්ඤ විදේශ ගමන් බලපත්‍රය ඔහු විසින් චීනය සඳහා පැමිණීමට යොදාගෙන ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් ස්පාඤ්ඤ විදේශ ගමන් බලපත්‍රයකින් චීනයට පැමිණීමට නම් පෙර අයදුම්කළ වීසා බලපත්‍රයක් තිබිය යුතු වනවා.

ඒ, අනුව මෙසී සතුව කලින් අයදුම්කළ වීසා බලපත්‍රයක් නොතිබීම හේතුවෙන් මෙම ගැටලුව මතුව තිබෙනවා.

එම අවස්ථවේ සිය රටට පැමිණි මෙම සුපිරි පාපන්දු තරුවට කඩිනමින් චීනයට ඇතුළුවීමට අවශ්‍ය වීසා බලපත්‍රයක් නිකුත් කිරීමට චීන බලධාරී කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

කෙසේ වෙතත් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට මෙසී සහ චීන ගුවන් තොටුපොළ ආරක්ෂකයින් අතර භාෂාව ගැටළුවක් වී ඇති බවට ද තොරතරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
10
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?