spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ලක්ෂ ගාණක බඩු සහ මුදල් සමඟ ගුරුවරියගේ අත්බෑගය උස්සලා

හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරු විවේකාගාරය තුළ තිබූ ගුරුවරියකගේ අත්බෑගයක් කිසියම් අයෙකු විසින් සොරාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

අදාළ අත්බෑගය තුළ රුපියල් 120,000ක් පමණ වටිනා ජංගම දුරකථනයක්, රුපියල් 7,000ක් පමණ වටිනා තවත් දුරකථනයක් සහ රුපියල් 6,000ක මුදලක් තිබූ බවයි ගුරුවරිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ.

ඊයේ (11) දිනයේ පාසල් ළමුන්ගේ දෙමාපියන් කැඳවා පාසල පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර ඇති අතර, එම කටයුතු පරීක්ෂාකර බැලීම සඳහා අදාළ ගුරුවරියට 6 හා 7 ශ්‍රේණි භාරදී තිබෙනවා.

එහිදී ගුරු විවේකාගාරයේ මේසයක් මත අත්බෑගය තබා පිටව ගොස් ඇති ගුරුවරිය විනාඩි 50ක පමණ කාලයකින් අනතුරුව පැමිණ බැලීමේ දී එය තැබූ අස්ථානයේ නොතිබූ බවයි පොලිසියට පවසා ඇත්තේ.

පසුව අනෙකුත් ගුරුවරුන් මෙන්ම දෙමව්පියන් දැනුවත් කර බෑගය පිළිබඳව සොයාබැලුවත් එය හමුනොවූ බව ඇය කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.

හොරණ මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
3
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?