ලක්ෂ ගාණක බඩු සහ මුදල් සමඟ ගුරුවරියගේ අත්බෑගය උස්සලා

හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරු විවේකාගාරය තුළ තිබූ ගුරුවරියකගේ අත්බෑගයක් කිසියම් අයෙකු විසින් සොරාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

අදාළ අත්බෑගය තුළ රුපියල් 120,000ක් පමණ වටිනා ජංගම දුරකථනයක්, රුපියල් 7,000ක් පමණ වටිනා තවත් දුරකථනයක් සහ රුපියල් 6,000ක මුදලක් තිබූ බවයි ගුරුවරිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ.

ඊයේ (11) දිනයේ පාසල් ළමුන්ගේ දෙමාපියන් කැඳවා පාසල පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර ඇති අතර, එම කටයුතු පරීක්ෂාකර බැලීම සඳහා අදාළ ගුරුවරියට 6 හා 7 ශ්‍රේණි භාරදී තිබෙනවා.

එහිදී ගුරු විවේකාගාරයේ මේසයක් මත අත්බෑගය තබා පිටව ගොස් ඇති ගුරුවරිය විනාඩි 50ක පමණ කාලයකින් අනතුරුව පැමිණ බැලීමේ දී එය තැබූ අස්ථානයේ නොතිබූ බවයි පොලිසියට පවසා ඇත්තේ.

පසුව අනෙකුත් ගුරුවරුන් මෙන්ම දෙමව්පියන් දැනුවත් කර බෑගය පිළිබඳව සොයාබැලුවත් එය හමුනොවූ බව ඇය කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.

හොරණ මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
3
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09