ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් දිනූ ලොව පළමු වැන්නා ලෙස ජොකොවික් වාර්තා අතරට

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් දිනූ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට සර්බියාවේ නොවැක් ජොකොවික්ට ඊයේ හැකියාව ලැබුණා.

ඒ, ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අවසන් මහා තරගයේ දී නෝර්වීජියානු ක්‍රීඩක කැස්පර් රූඩ් පරාජය කරමින්.

මෙම ජයග්‍රහණයත් සමඟ මෙතෙක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22ක් දිනාගනිමින් ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් තබා තිබූ වාර්තාව අලුතින් ජොකොවික්ගේ නම ඉදිරියේ ලිය වුණා.

කෝට් ෆිලිප්-චැට්‍රියර් හිදී ක්‍රියාත්මක වූ මෙම තරගය පැය තුනකට වැඩි කාලයක් පැවති අතර, එහි අවසන් ලකුණු සටහන දැක්වුණේ 7-6ක්, 6-3ක් සහ 7-5ක් ලෙසටයි.

මේ අතර සිය 34 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ජොකොවිච් නැවතත් ලෝක ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පැමිණීම ද සමත්වීම විශේෂත්වයක්.

ජොකොවික් මේ වනවිට පැරිස් ශුරතා තුනක්, ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 10ක්, විම්බල්ඩන් ශුරතා 07ක් සහ එක්සත් ජනපද විවෘත ටෙනිස් ශූරතා තුනක් ජයගෙන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23කට හිමිකම් කියනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23