කිරින්ද මුහුදේ ගිලී තරුණියක් ජීවිතක්ෂයට – තවත් තරුණියක් අතුරුදන්

කිරින්ද විහාරය ආසන්න මුහුදු තීරයේ දී තරුණියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් තරුණියක් අතුරුදන්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද උදෑසන කිරින්ද විහාරස්ථානය ආසන්න මුහුදු තීරයේ තරුණියන් තිදෙනෙකු සහ එක් තරුණයෙකු මුහුදු රළ පහරට හසුවී ගසාගෙන ගොස් තිබෙනවා.

ඉන් එක් තරුණියක් සහ තරුණයෙකු ඔවුන් සමග පැමිණ සිටි අයෙකු විසින් බේරාගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අනෙක් තරුණියන් දෙදෙනාගෙන් අයෙකු ප්‍රදේශවාසීන් විසින් ගොඩබිමට රැගෙන විත් කිරින්ද පර්යන්ත රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
අනෙක් තරුණිය දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මියගිය සහ අතුරුදන් වූ තරුණියන් බිබිල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 වයසේ පසුවන අය බව සඳහන්.

ඔවුන් බිබිල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා කිරින්ද ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මෙම පිරිස වෙරළ ආසන්නයේ ගලක් මත සිටියදී පැමිණි රළ පහරකට හසුවීමෙන් අනතුරට ලක්ව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ප්‍රදේශයේ මුහුදේ පවතින දැඩි රළු ස්වභාවය හේතුවෙන් අතුරුදන් වූ තරුණිය සෙවීමේ මෙහෙයුම ද දුෂ්කර වී ඇති බව සඳහන්.

අතුරුදන් වූ තරුණිය සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර කිරින්ද පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
24
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?