කිරින්ද මුහුදේ ගිලී තරුණියක් ජීවිතක්ෂයට – තවත් තරුණියක් අතුරුදන්

කිරින්ද විහාරය ආසන්න මුහුදු තීරයේ දී තරුණියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් තරුණියක් අතුරුදන්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද උදෑසන කිරින්ද විහාරස්ථානය ආසන්න මුහුදු තීරයේ තරුණියන් තිදෙනෙකු සහ එක් තරුණයෙකු මුහුදු රළ පහරට හසුවී ගසාගෙන ගොස් තිබෙනවා.

ඉන් එක් තරුණියක් සහ තරුණයෙකු ඔවුන් සමග පැමිණ සිටි අයෙකු විසින් බේරාගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අනෙක් තරුණියන් දෙදෙනාගෙන් අයෙකු ප්‍රදේශවාසීන් විසින් ගොඩබිමට රැගෙන විත් කිරින්ද පර්යන්ත රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
අනෙක් තරුණිය දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මියගිය සහ අතුරුදන් වූ තරුණියන් බිබිල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 වයසේ පසුවන අය බව සඳහන්.

ඔවුන් බිබිල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා කිරින්ද ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මෙම පිරිස වෙරළ ආසන්නයේ ගලක් මත සිටියදී පැමිණි රළ පහරකට හසුවීමෙන් අනතුරට ලක්ව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ප්‍රදේශයේ මුහුදේ පවතින දැඩි රළු ස්වභාවය හේතුවෙන් අතුරුදන් වූ තරුණිය සෙවීමේ මෙහෙයුම ද දුෂ්කර වී ඇති බව සඳහන්.

අතුරුදන් වූ තරුණිය සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර කිරින්ද පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18