බම්බලපිටියේ ඩ්‍රෝන යැවූ සරසවි සිසුවෙක් අත්අඩංගුවට

බම්බලපිටිය දුම්රියපොළ අසල ආපනශාලාවක්  ඉදිරිපිට සිට අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කරමින් සිටි පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසනවා.

ඒ, ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක 23 මහලේ ස්ථාපිත කර තිබෙන ජනාධිපති ගුවන් ආරක්ෂක අංශයේ  මුරපොළේ රාජකාරියේ යෙදී සිටි ගුවන් හමුදා නිලධාරීන්  මෙම ඩ්‍රෝන කැමරාව නිරීක්ෂණය කර එම පුද්ගලයා සහ  කැමරාව ඔවුන්ගේ භාරයට ගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව බම්බලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට ගොස් එම සිසුවා මෙන්ම ඩ්‍රෝන කැමරාව සහ එය හැසිරවීම සඳහා යොදාගත් උපකරණය මෙන්ම ජංගම දුරකථනයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී මෙම ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කර ඇත්තේ දුම්රියපොළ ඉදිරිපිට පිහිටා ඇති ආපනශාලා සමූහයට වසරක් පිරීම නිමිත්තෙන් එය සැමරීම සඳහා බවයි ප්‍රකාශ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26