ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩාමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රීඩක රුතුරාජ් ගයික්වාඩ් විවාහ දිවියට පිවිසුණා.
රුතුරාජ් සමඟ ඊයේ දින මෙලෙස අතිනත ගනු ලැබුවේ උත්කර්ෂා පවාර් නැමති තරුණියයි.
උත්කර්ෂා, දේශීය ක්‍රිකට් තරඟ සඳහා මහාරාෂ්ට්රය නියෝජනය කරන පූනේහි ක්‍රිකට් ක්‍රීඩිකාවක් වීම විශේෂත්වයක්.
චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩක ශිවම් ඩුබේ ඇතුළු තවත් සාමාජිකයින් රැසක් රුතුරාජ්ගේ විවාහ උත්සවය සඳහා සහභාගීව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.




















