හොරෙන් රත්‍රන් ගෙනා අයෙක් රිමාන්ඩ්

නීති විරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොලෙන් රුපියල් මිලියන 80ක් රත්‍රන් තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ප්‍රංශ ජාතිකයෙකු ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

නීති විරෝධීව රත්‍රන් ගෙන ඒමට තැත් කළ මෙම ප්‍රංශ ජාතිකයාට රේගුව විසින් නියම කළ මිලියන 70ක දඩ මුදල නොගෙවීම හේතුවෙන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම ප්‍රංශ ජාතිකයා 35 හැවිරිදි අයෙක්.

ඊයේ (03) අලුයම 6.30ට පමණ පැමිණි ගුවන් යානයකින් සැකකරු කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබූ අතර ඔහුගේ ගමන් මලූ තුල තිබී කිලෝග්‍රෑම් 4ක් බරැති රත්‍රන් කැබලි රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා.

එම රත්‍රන් කලු පැහැති තීන්ත වර්ගයක් ආලේපකර ඇලුමිනියම් කොළවල ඔතා ගමන්මලු තුල සඟවා තිබූ බව සඳහන්.

සිදු කළ විමර්ශවලින් අනතුරුව රත්රන් තොගය රාජසන්තක කල රේගුව මෙම ප්‍රංශ ජාතිකයාට රුපියල් මිලියන 70ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

එම දඩ මුදල නොගෙවීම හේතුවෙන් සැකකරු අධිකරණය හමුවට පමුණුවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12