spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හොරෙන් රත්‍රන් ගෙනා අයෙක් රිමාන්ඩ්

නීති විරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොලෙන් රුපියල් මිලියන 80ක් රත්‍රන් තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ප්‍රංශ ජාතිකයෙකු ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

නීති විරෝධීව රත්‍රන් ගෙන ඒමට තැත් කළ මෙම ප්‍රංශ ජාතිකයාට රේගුව විසින් නියම කළ මිලියන 70ක දඩ මුදල නොගෙවීම හේතුවෙන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම ප්‍රංශ ජාතිකයා 35 හැවිරිදි අයෙක්.

ඊයේ (03) අලුයම 6.30ට පමණ පැමිණි ගුවන් යානයකින් සැකකරු කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබූ අතර ඔහුගේ ගමන් මලූ තුල තිබී කිලෝග්‍රෑම් 4ක් බරැති රත්‍රන් කැබලි රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා.

එම රත්‍රන් කලු පැහැති තීන්ත වර්ගයක් ආලේපකර ඇලුමිනියම් කොළවල ඔතා ගමන්මලු තුල සඟවා තිබූ බව සඳහන්.

සිදු කළ විමර්ශවලින් අනතුරුව රත්රන් තොගය රාජසන්තක කල රේගුව මෙම ප්‍රංශ ජාතිකයාට රුපියල් මිලියන 70ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

එම දඩ මුදල නොගෙවීම හේතුවෙන් සැකකරු අධිකරණය හමුවට පමුණුවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?