Tuesday, January 7, 2025
Empty Ad
AFC Banner
AFC Banner

2024 මූල්‍ය වර්ෂයේදීත් ඉන්දියාවේ වර්ධන වේගය අඛණ්ඩ ව පැවතිය හැකි බවට පුරෝකථන

දුර්වල ගෝලීය ආර්ථික ප්‍රසාරණය මධ්‍යයේ  මෙම වසර තුළ ඉන්දියාවේ කැපී පෙනෙන වර්ධන වේගය පවත්වා ගත යුතු බව එරට මහ බැංකුව සිය වාර්ෂික වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

එම වාර්තාවට අනුව ඉන්දියාවේ උද්ධමනය දැනටමත් මධ්‍යස්ථ වෙමින් පවතින අතර බාහිර ගිණුම ද පවතින්නේ  හොඳ මට්ටමකයි.

නමුත් එල් නිනෝ තත්ත්වය වර්ෂාපතනය කෙරෙහි ඇති කරන අහිතකර බලපෑම සාර්ව ආර්ථික ස්ථාවරත්වයට සහ ආහාර මිලට බලපෑම් කළ හැකි බවටයි  ඉන්දීය මහ බැංකුව පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් කලාපීය බොහෝ එක්සත් ජනපද බැංකුවල දෙදරායාමෙන් පැහැදිලි වන ගෝලීය වර්ධනය මධ්‍යස්ථ කිරීම, දිග්ගැස්සුනු භූ දේශපාලනික ආතතීන් සහ මූල්‍ය වෙලඳපොල අස්ථාවරත්වයේ ඇති විය හැකි ඉහළ  යාම, අවාසි සහගත අවදානම් මතු කරන බව ඉන්දීය මහ බැංකුවේ අදහසයි.

එබැවින්, ඉන්දියාවේ මධ්‍ය කාලීන වර්ධන විභවය වැඩිදියුණු කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පවත්වා ගැනීම වැදගත් වන බව ඉන්දීය මහ බැංකුව පෙන්වා දෙනවා.

ඔවුන්ගේ වාර්තාවට අනුව නැඟී එන වෙලඳපොලවල් කිහිපයකට ආහාර හා බලශක්ති හිඟය මෙන්ම  තිරසාර නොවන ණය බර වැඩිවීම් නිසා වර්ධන ඉදිරි දැක්ම වඩාත් අවිනිශ්චිත බව පෙනෙන්නට තිබුණද,  ඉන්දියාවේ විශිෂ්ට කාර්ය සාධනය හමුවේ ප්‍රාග්ධන වියදම් කළමනාකරණය කර ගනිමින් සෞඛ්‍ය සම්පන්න ආයතනික සහ මූල්‍ය අංශයේ ශේෂ පත්‍රයක් පවත්වාගැනීමට ඉන්දියාවට හැකිවී තිබෙනවා.

රජය විසින් මෑත වසරවල ක්‍රියාත්මක කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඊට බෙහෙවින් බලපා ඇති බවයි ඉන්දීය මහ බැංකුව පෙන්වා දෙන්නේ.

පසුගිය වසර පහක කාලය සැලකීමේදී ඉන්දියාව සාමාන්‍යයෙන් ගෝලීය වර්ධනයට 12% කට වඩා දායකත්වයක් දක්වා තිබුණා.

ගෝලීය කම්පනයන් නොතකා රට 2022-23 දී සැබෑ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7% ක ආර්ථික ප්‍රසාරණයක් වාර්තා කරනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

2023-24 කාලය තුළ ඉහළ පුද්ගලික ආයෝජනයක් දිරිමත් කරනු ඇති බවටද අපේක්ෂා කරනවා.

කෘෂිකාර්මික අංශයේ අපේක්ෂාවන් වර්ෂාපතනය මත රඳා පවතින බැවින්  අපේක්ෂිත එල් නිනෝ සිදුවීම හේතුවෙන් වර්ෂාපතන ඌනතාවයකදී ආහාර මිල ගණන් අක්‍රමවත් විය හැකි බවටයි ඉන්දීය මහ බැංකුව පුරෝකථනය කර ඇත්තේ. ගිම්හාන සමයේ වපුරන බෝගවල පලදාව වර්ෂාපතනයේ ප්‍රගතිය මත රඳා පැවතීම ඊට හේතුවයි.

24 මූල්‍ය වර්ෂයේදී ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 332ක් ලෙස ඉලක්ක කර ඇති අතර එය පෙර වසරේ නිෂ්පාදනයට වඩා 0.4%ක ඉහළ අගයක්.

කාර්තු හයක පරතරයකින් පසුව 2023 මූල්‍ය වර්ෂයේ  සිව්වන කාර්තුවේදී  එරට ජංගම ගිණුම් ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.7% වන ඩොලර් බිලියන 6ක පමණ අතිරික්තයක් වනු ඇතැයි අපේක්ෂා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සල්ලි නැති නිසා පිරිමි පහස විඳින්න ගිය කාන්තාවකගේ සජීවී හෙළිදරව්ව
16:40
Video thumbnail
ඇමති නාමල් කරන විශේෂ හෙළිදරව්ව - ඇමති ඔෆිස් එකේ ඇඳන් - මෙට්ට
05:23
Video thumbnail
බස් එකේ කෑලි ගලවන්න කිව්වට තදවුණු ඩ්‍රයිවර් මිනිස්සු මඟ දාලා ගෙදරම යයි
05:10
Video thumbnail
දෙපැත්තට කියවෙන ක්ලීන් ශ්‍රී ලංකා මත
03:47
Video thumbnail
මොන බලපෑම පොලිසියට කළත් මෙහෙයුම් අපි නවත්වන්නේ නෑ
04:29
Video thumbnail
වත්තේගම හවසත් උණුසුම් - මුළු ගමම හඬා වැටුණු වීඩියෝව මෙන්න
08:49
Video thumbnail
ගොයම් කපලා ඉවර වුණාට පස්සේ පොහොර සල්ලි දුන්නා - නාමල් කරුණාරත්න හදිසියේ මාධ්‍ය කැඳවයි
10:03
Video thumbnail
වාහනවල බෞද්ධ කොඩි බුදු පිළිම ගලවනවට එරෙහිව සන්දේශයක් භාරදෙයි
06:17
Video thumbnail
සමන් දේවාලය ප්‍රශ්නයේ ඇත්ත නැත්ත මෙන්න
06:25
Video thumbnail
ජීවිත 250ක් වෙනුවෙන් 46,000ක් බිළිගත් මෙහෙයුම
07:36

?