තල්දූවේ ඝාතනයට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

අවිස්සාවේල්ල තල්දූව හන්දිය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මැයි මස 26 වනදා සිදු වූ එම ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදිය පදවාගෙන පැමිණ ඇත්තේ මෙම පුද්ගලයා බවටයි පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

31 හැවිරිදි සැකකරු අවිස්සාවේල්ල නාපාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අවිස්සාවේල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 600ක් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ එම වැටලීම සිදු කෙරුණේ අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේදීයි.

එම සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශණයේදීයි තල්දූව හන්දියේ සිදු වූ ඝාතනයට ඔහු සම්බන්ධ බවට හෙළිවී ඇත්තේ. ඔහු අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51