spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තල්දූවේ ඝාතනයට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

අවිස්සාවේල්ල තල්දූව හන්දිය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මැයි මස 26 වනදා සිදු වූ එම ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදිය පදවාගෙන පැමිණ ඇත්තේ මෙම පුද්ගලයා බවටයි පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

31 හැවිරිදි සැකකරු අවිස්සාවේල්ල නාපාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අවිස්සාවේල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 600ක් සමග මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ එම වැටලීම සිදු කෙරුණේ අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේදීයි.

එම සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශණයේදීයි තල්දූව හන්දියේ සිදු වූ ඝාතනයට ඔහු සම්බන්ධ බවට හෙළිවී ඇත්තේ. ඔහු අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?