AFC Banner
Empty Ad
Empty Ad

තරුණියව හෝටලයට ගෙන ගියේ මැරිමේ අදහසින් නොවේ

තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි දිලිනි ජයසූරිය සමග බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා හංවැල්ල හෝටල් කාමරයක දින දෙකක්ම ගත කර ඇත්තේ ඇය ඝාතනය කිරීමට පෙර සිටම තිබූ සැළැස්මක් මත නොවන බව පරීක්ෂණවල දී අනාවර්ණය වී ඇතැයි වාර්තා වනවා.

මෙවැනි සැළසුමක් තිබුණා නම් හෝටලයේ නවාතැන් ගැනීමට පැමිණෙන අවස්ථාවේ පිහියක් සඟවා ගෙන එන බවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඇයට පහරදීමක් සිදුනොවී ඇති බැවින් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත උප පොලිස් පරීක්ෂකවරයා ඇගේ ගෙල මිරිකන්නට ඇති බවත් එම අවස්ථාවේදී ඇය මරණයට පත් වන්නට ඇති බවටත් සැක මතුව ඇත. මරණයට පත් වුයේ කව්රුන්ද යන බව සැගවීම උදෙසා හෝටලයෙන් පිටවී හංවැල්ල නගරයේ ඇති සතිපොළට ගොස් පිහියක් මිලදී ගෙන පැමිණ ගෙල සිඳලන්නට ඇතැයි දැනට සැක පලකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?