උඩරට දුම්රිය මාර්ගයේ සිදුවීමට ගිය අනතුර වැළකූ රියදුරු සහායකයා

උඩරට දුම්රිය මාර්ගයේ සිදු වීමට ගිය අනතුරක් වළක්වා ගැනීමට දුම්රිය රියදුරු සහායකයාගේ අවධානය හේතුවෙන් හැකිවී තිබෙනවා.

අද (01) උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල හා උඩුවර දුම්රිය ස්ථාන අතර විශාල නාය යාමක් සිදුව තිබුණා.

මෙම අවස්ථාවේ ධාවනයේ යෙදෙමින් තිබී ඇත්තේ බදුල්ලෙන් ගමන් ආරම්භ කර කොළඹ දක්වා පැමිණෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රිය යි.

නාය යාම සිදු වූ ස්ථානයට පෙර ඇති වංගුවේදී රියදුරු සහායකට එම නාය යාම නිරීක්ෂණය වීම හේතුවෙන් වහාම රියදුරු දැනුවත් කර හදිසි දුම්රිය නවතා ගැනීමකට යොමු වී තිබුණා.

මේ හේතුවෙන් සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා.

පෙර දින රාත්‍රිය පුරා පුදේශයට ඇද හැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මෙම ස්ථානයේ එක් පසක තිබු විශාල ගල් කුට්ටි රැසක් දුම්රිය මාර්ගයට කඩා වැටී මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබී ඇතැයි සඳහන්.

උදෑසන දුම්රිය මාර්ගයේ සේවයට යන සේවක පිරිස ද එම දුම්රියේම සිටි නිසා මාර්ගය පිළසකර කිරීමේ කටයුතු ද ක්ෂණිකව ආරම්භ කිරීමට හැකි වීම විශේෂත්වයක්.

මෙම සිදුවීම හේතුවෙන් දුම්රිය ගමනා ගමනය පැය කිහිපයකට අඩාල වූ අතර අනතුරට ලක් වීමට ගිය දුම්රිය ගමනා ගමනයට අවශය ඉඩ ලබා දීමෙන් පසු නැවතත් මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42