spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උඩරට දුම්රිය මාර්ගයේ සිදුවීමට ගිය අනතුර වැළකූ රියදුරු සහායකයා

උඩරට දුම්රිය මාර්ගයේ සිදු වීමට ගිය අනතුරක් වළක්වා ගැනීමට දුම්රිය රියදුරු සහායකයාගේ අවධානය හේතුවෙන් හැකිවී තිබෙනවා.

අද (01) උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල හා උඩුවර දුම්රිය ස්ථාන අතර විශාල නාය යාමක් සිදුව තිබුණා.

මෙම අවස්ථාවේ ධාවනයේ යෙදෙමින් තිබී ඇත්තේ බදුල්ලෙන් ගමන් ආරම්භ කර කොළඹ දක්වා පැමිණෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රිය යි.

නාය යාම සිදු වූ ස්ථානයට පෙර ඇති වංගුවේදී රියදුරු සහායකට එම නාය යාම නිරීක්ෂණය වීම හේතුවෙන් වහාම රියදුරු දැනුවත් කර හදිසි දුම්රිය නවතා ගැනීමකට යොමු වී තිබුණා.

මේ හේතුවෙන් සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා.

පෙර දින රාත්‍රිය පුරා පුදේශයට ඇද හැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මෙම ස්ථානයේ එක් පසක තිබු විශාල ගල් කුට්ටි රැසක් දුම්රිය මාර්ගයට කඩා වැටී මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබී ඇතැයි සඳහන්.

උදෑසන දුම්රිය මාර්ගයේ සේවයට යන සේවක පිරිස ද එම දුම්රියේම සිටි නිසා මාර්ගය පිළසකර කිරීමේ කටයුතු ද ක්ෂණිකව ආරම්භ කිරීමට හැකි වීම විශේෂත්වයක්.

මෙම සිදුවීම හේතුවෙන් දුම්රිය ගමනා ගමනය පැය කිහිපයකට අඩාල වූ අතර අනතුරට ලක් වීමට ගිය දුම්රිය ගමනා ගමනයට අවශය ඉඩ ලබා දීමෙන් පසු නැවතත් මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?