බෲනෝ රිමාන්ඩ්

බුදුදහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකල නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට එම ප්‍රකාශය සිදු කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් slvlog youtube නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර නම් පුද්ගලයා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකරුට එරෙහිව පවතින සාක්ෂිවල සම්පිණ්ඩනයක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට නියෝග කළේ.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතු මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේ මෙම සැකකරු අදාළ අපරාධයට දායක වී තිබෙන්නේ කෙසේදැයි යනුවෙන්.

ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන්නේ බුදුදහමට සහ සිදුහත් කුමරුට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසූරිය නැමැති කාන්තාවට එම ප්‍රකාශය සිදු කිරීම සඳහා මෙම සැකකරු ආධාර අනුබල දීම සිදු කර ඇති බවයි.

ඒ අනුව මෙම පුද්ගලයා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත, දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් සිදුකර ඇති බවත් විමර්ශන කටයුතු මූලික අවධියේ පවතින හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතු මහේස්ත්‍රාත්වරයා විමසුවේ මෙම සැකකරු ආධාර අනුබල දීමක් සිදු කළ බවට තහවුරු කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් වී ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කෙලේ නතාෂා එදිරිසූරිය නැමැති කාන්තාවට එම ප්‍රකාශය සිදු කිරීම සඳහා පහසුකම් සැලසීම, මහජනතාව රැස්කිරීම, වේදිකාව තනා දීම මෙම සැකකරු විසින් සිදුකර ඇති බවට පරීක්ෂණවලින් කරුණු අනාවරණය වී ඇති බවයි.

අදාළ අපහාසාත්මක ප්‍රකාශ අඩංගු වීඩියෝ පටය මෙම සැකකරුට අයත් කලම්බු කොමඩි සෙන්ට්‍රල් නැමැති youtube නාලිකාවේ උඩුගත කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙන බවත් පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තීෂ්‍ය වේරගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙම සැකකරුට අදාළ අපහාසාත්මක ප්‍රකාශය සිදු කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනාවක් ඉදිරිපත් කළ නොහැකි බවයි.

යම්කිසි ප්‍රකාශයක් අන්තර්ජාලයට උඩුගත කළ පමණින් ඔහු අපරාධයකට ආධාර අනුබල දීම සිදුකළ බවට චෝදනා නගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ නීතිඥ වේරගොඩ මහතා තර්ක කළේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ තම සේවාදායකයාට එල්ල කර තිබෙන චෝදනාව පවත්වාගෙන යෑමට නොහැකි බවයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ සඳහන් කර තිබෙන්නේ රජය අපහසුතාවට පත් කිරීමේ චෝදනාව යැයි සඳහන් කළ නීතිඥ වේරගොඩ මහතා මෙම නඩුවට පාදක වන ප්‍රකාශය තුළින් රජය අපහසුතාවයකට පත් වීමක් සිදු නොවන බවත් එය පදනම් විරහිත බවත් සඳහන් කර සිටියා.

එමෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(2) වගන්තිය ප්‍රකාරව යම් වරදකට ආධාර අනුබලදීම නැමැති චෝදනාව ඉදිරිපත් කළ නොහැකි බවත් තම සේවාදායකයා ඇපමත මුදා හරින ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරයා අමතමින් සඳහන් කළේ “ඕනෑම ප්‍රකාශයක් අන්තර්ජාලයට උඩුගත කරන්න පුළුවන්. නමුත් උඩුගත කරන ප්‍රකාශයකින් ප්‍රශ්නයක් මතුවන බව කලින් පෙනෙන්නට තිබෙනවා නම් ඒවා නොකර හිටියාම ඉවරයි.” යනුවෙන්.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට නියෝග කර සිටියා.

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කළ නතාශා එදිරිසූරිය නැමති කාන්තාවට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙනුයි බෲනෝ දිවාකර නම් මෙම පුද්ගලයා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ.

යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් මෙම පුද්ගලයා ආගමික නිදහසට හානි වන ආකාරයේ ප්‍රකාශ ප්‍රචාර කිරීමට අනුබල ලබාදී ඇති බව පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

බෲනෝ දිවාකර නම් පුද්ගලයා ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

37 හැවිරිදි සැකකරු පල්ලිය පාර මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
10
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23