2023 ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්ර සිං දෝණි සමත් වුණා.
ඒ, අනුව අහමදාබාද් පිටියේ පැවැත්වෙන මෙම තරගයේ දී ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ලොව විශාලතම ක්රිකට් ක්රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්ර මෝදි ක්රිකට් ක්රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙනවා.
අද තරගය සදහා ශ්රී ලංකා ක්රීඩකයින් දෙපළක් වන මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ චෙන්නායි පිළ නියෝජනය කරමින් ක්රීඩා කිරීමට නියමිතයි.
එමෙන්ම දසුන් ශානක ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ සාමාජිකයෙක් වනවා.
මේ අතර මෙම තරගයෙන් පසු තමන් ක්රිකට් දිවියෙන් විශ්රාම ගන්නා බව සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්රවීණ ක්රීඩක අම්බති රයිදු ප්රකාශ කර සිටියා.
