මන්නයකින් කොටා මුදල් සහ යතුරුපැදියක් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට

උපන්දින සාදයකට සහභාගි වී නැවත නිවස කරා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට මන්නයකින් පහර දී බරපතල තුවාල සිදුකර ඔවුන් සතුව තිබූ මුදල් සහ යතුරුපැදියක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 26 වනදා මිල්ලනිය, ගොරකාතුඩුව ප්‍රදේශයේ දී මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මිල්ලනිය පොලිසිය විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කොල්ලකෑමට යොදාගත් මන්න පිහිය සහ සොරාගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගත් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන්ගෙන් පහර කෑමට ලක්වූ පුද්ගලයන් දෙදෙනා බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 24 සහ 39 යන වයස්වල පසුවන පරගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17