ජයන්ත ධනපාල මහතා අභාවප්‍රාප්ත වෙයි

කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයෙක් වූ ආචාර්ය ජයන්ත ධනපාල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිරායුධකරණ කටයුතු පිළිබඳ කාර්යාලයේ උපලේකම්වරයා ලෙස ද කාලයක් කටයුතු කළ ජයන්ත ධනපාල මහතා මහනුවර මහ රෝහලේදී අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 85ක්.

ජයන්ත ධනපාල මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, ඉන්දියාව යන රටවල කටයුතු කර ඇති අතර ජිනීවා හී ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

ජයන්ත ධනපාල මහතා 1998 – 2003 අතර කාලසීමාවේදී යි එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිරායුධකරණ කටයුතු පිළිබඳ කාර්යාලයේ උපලේකම්වරයා ලෙස කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?