හෝටල් බිල නොගෙවා මගහරිමින් සිටි යුවළ අත්අඩංගුවට

පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක නවාතැන් පහසුකම් මෙන්ම ආහාර පාන ලබා ගනිමින් දිනෙන් දින මුදල් නොදී මග හරිමින් සිටි තරුණ අඹු සැමි යුවලක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිට දින 12කට පමණ පෙර හෝටලයේ නවාතැන් ගැනීමට පැමිණි මෙම යුවළ මුදල් නොදී මග හරිමින් බලහත්කාරයෙන් රැඳී සිටින බවට හෝටලයේ කළමනාකරු කරන ලද පැමිණිල්ලක් අනුවයි පිළියන්දල පොලිසිය සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රැඳී සිටි කාලයට අදාළව හෝටලයේ බිල ගෙවන ලෙස ඔවුන් පැමිණ දින තුනකට පමණ පසු දැනුම් දුන්න ද “අද දෙනවා, හෙට දෙනවා, එක්කෙනෙක් එකවුන්ට් එකට සල්ලි වගයක් දානවා” ආදී වශයෙන් විවිධ කරුණු ප්‍රකාශ කරමින් මේ දක්වා දින 12ක පමණ කාලයක් එම යුවළ හෝටලයේ ගත කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඔවුන් සිටි කාලයකට හෝටලයේ බිල ලෙසට රුපියල් 150,000කට අධික මුදලක් අය විය යුතු බවත් එම මුදල් ඔවුන්ගෙන් ලබා දෙන ලෙසත් හෝටල් කළමනාකරු කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.

පැමිණිල්ල අනුව පිළියන්දල පොලිසිය හෝටලය කරා ගොස් එම යුවළගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පරස්පර ප්‍රකාශ සිදු කිරීම සහ මුදල් ලබාදීම සම්බන්ධයෙන් නිශ්චිත ලෙස පැවසීමට අපොහොසත් වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර යුවළ සතුව පදිංචිය සනාථ කිරීම සඳහා ජාතික හැඳුනුම්පතක් හෝ වෙනත් කිසිදු ලේඛනයක් නොතිබූ බවත් මාතර ප්‍රදේශයේ පදිංචි බව පැවසුව ද එය තහවුරු කිරීමට ඔවුන්ට නොහැකි වූ බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

සැකකාර යුවළ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42