spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෝටල් බිල නොගෙවා මගහරිමින් සිටි යුවළ අත්අඩංගුවට

පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක නවාතැන් පහසුකම් මෙන්ම ආහාර පාන ලබා ගනිමින් දිනෙන් දින මුදල් නොදී මග හරිමින් සිටි තරුණ අඹු සැමි යුවලක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිට දින 12කට පමණ පෙර හෝටලයේ නවාතැන් ගැනීමට පැමිණි මෙම යුවළ මුදල් නොදී මග හරිමින් බලහත්කාරයෙන් රැඳී සිටින බවට හෝටලයේ කළමනාකරු කරන ලද පැමිණිල්ලක් අනුවයි පිළියන්දල පොලිසිය සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රැඳී සිටි කාලයට අදාළව හෝටලයේ බිල ගෙවන ලෙස ඔවුන් පැමිණ දින තුනකට පමණ පසු දැනුම් දුන්න ද “අද දෙනවා, හෙට දෙනවා, එක්කෙනෙක් එකවුන්ට් එකට සල්ලි වගයක් දානවා” ආදී වශයෙන් විවිධ කරුණු ප්‍රකාශ කරමින් මේ දක්වා දින 12ක පමණ කාලයක් එම යුවළ හෝටලයේ ගත කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඔවුන් සිටි කාලයකට හෝටලයේ බිල ලෙසට රුපියල් 150,000කට අධික මුදලක් අය විය යුතු බවත් එම මුදල් ඔවුන්ගෙන් ලබා දෙන ලෙසත් හෝටල් කළමනාකරු කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.

පැමිණිල්ල අනුව පිළියන්දල පොලිසිය හෝටලය කරා ගොස් එම යුවළගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පරස්පර ප්‍රකාශ සිදු කිරීම සහ මුදල් ලබාදීම සම්බන්ධයෙන් නිශ්චිත ලෙස පැවසීමට අපොහොසත් වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර යුවළ සතුව පදිංචිය සනාථ කිරීම සඳහා ජාතික හැඳුනුම්පතක් හෝ වෙනත් කිසිදු ලේඛනයක් නොතිබූ බවත් මාතර ප්‍රදේශයේ පදිංචි බව පැවසුව ද එය තහවුරු කිරීමට ඔවුන්ට නොහැකි වූ බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

සැකකාර යුවළ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
20
+1
2
+1
3
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?