මල් වෙඩිල්ලක් පත්තු වී තරුණයෙකුගේ ජීවිතයක් අහිමිවෙයි

මල් වෙඩිල්ලක් පත්තුවීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේ දී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 31ක් වූ තඹුත්තේගම, තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මෙම පුද්ගලයා සිය නිවස ආසන්නයේ පැවති මංගල උත්සවයකට සහභාගීව සිටි අවස්ථාවක මල් වෙඩිල්ලක් පත්තු කිරීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ එය නිවී යාමත් සමඟ යළි ඒ අසළට ගොස් පරීක්ෂාකර බලා පත්තු කිරීමේ දී මල්වෙඩිල්ල පත්තු වී ඔහුගේ හිසේ වැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, එලෙස රෝහල් ගත කිරීමේ දී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ තැන්පත්කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
0
+1
2
+1
19
+1
7
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47