මල් වෙඩිල්ලක් පත්තු වී තරුණයෙකුගේ ජීවිතයක් අහිමිවෙයි

මල් වෙඩිල්ලක් පත්තුවීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේ දී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 31ක් වූ තඹුත්තේගම, තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මෙම පුද්ගලයා සිය නිවස ආසන්නයේ පැවති මංගල උත්සවයකට සහභාගීව සිටි අවස්ථාවක මල් වෙඩිල්ලක් පත්තු කිරීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ එය නිවී යාමත් සමඟ යළි ඒ අසළට ගොස් පරීක්ෂාකර බලා පත්තු කිරීමේ දී මල්වෙඩිල්ල පත්තු වී ඔහුගේ හිසේ වැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී බරපතළ තුවාල ලැබූ පුද්ගලයා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, එලෙස රෝහල් ගත කිරීමේ දී ඔහු මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෘත ශරීරය තඹුත්තේගම රෝහලේ තැන්පත්කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12