AFC Banner
Empty Ad
Empty Ad

පළාත් සභා මන්ත්‍රී ඝාතන සැකකරු නිදොස් කොට නිදහස්

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නාමල් ගුණවර්ධන ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා විසිනුයි තීන්දුව ලබා දුන්නේ.

සම්පත් තුෂාර නමැති විත්තිකරුවෙකු මෙලෙස නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.

2004 වසරේ ඔක්තෝබර් මස 11 වන දා කොල්ලූපිටියේදී නාමල් ගුණවර්ධන මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව දුන් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බවයි.

ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?