පාස්පෝට් කන්තෝරුව ළඟ සැරිසැරූ තවත් තැරැව්කාර කාක්කෝ රංචුවක් අල්ලයි

විදෙස් ගමන් බලපත්‍රය සකසා ගැනීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන හොර පාරෙන් විදෙස් ගමන් බපපත්‍ර සකසා දෙන තවත් තැරැව්කරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසළ එලෙස අනීතික කටයුතුවල යෙදුණු තැරැව්කරුවන් 15 දෙනෙක් මේ වනවිට පොලිස් බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා අධික මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පසුගිය දිනවල පැමිණිලි රැසක් ලැබී තිබුණා.

එම පැමිණිලි සැළකිල්ලට ගනිමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් බුද්ධි අංශවලට දැනුම් දී තිබුණේ මේ පිළිබඳව වහාම සොයා බලන ලෙසටයි.

ඒ, අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට කටයුතු කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙම තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

මේ අතර මෙවැනි වංචනික පුද්ගලයින් හා ඊට සහයෝගය ලබාදෙන නිලධාරීන් සොයා මෙම විමර්ශන අඛණ්ඩව සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34