spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්පෝට් කන්තෝරුව ළඟ සැරිසැරූ තවත් තැරැව්කාර කාක්කෝ රංචුවක් අල්ලයි

විදෙස් ගමන් බලපත්‍රය සකසා ගැනීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන හොර පාරෙන් විදෙස් ගමන් බපපත්‍ර සකසා දෙන තවත් තැරැව්කරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසළ එලෙස අනීතික කටයුතුවල යෙදුණු තැරැව්කරුවන් 15 දෙනෙක් මේ වනවිට පොලිස් බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා අධික මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පසුගිය දිනවල පැමිණිලි රැසක් ලැබී තිබුණා.

එම පැමිණිලි සැළකිල්ලට ගනිමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් බුද්ධි අංශවලට දැනුම් දී තිබුණේ මේ පිළිබඳව වහාම සොයා බලන ලෙසටයි.

ඒ, අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට කටයුතු කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙම තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

මේ අතර මෙවැනි වංචනික පුද්ගලයින් හා ඊට සහයෝගය ලබාදෙන නිලධාරීන් සොයා මෙම විමර්ශන අඛණ්ඩව සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?