AFC Banner
Empty Ad
Empty Ad

සීයා ඉදි කළ වැවට මුණුපුරා බිලි වෙයි (ඡායාරූප)

මදුරන්කුලිය රත්මල්ගස්වැව ප්‍රදේශයේදී වැවක මල් කැඩීමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

20 හැවිරිදි මෙම තරුණයා වැවේ මල් කැඩීමට පිහිනා යමින් සිටියදී පාසි තුල සිරවී ඇති අතර නැවත ගොඩට ඒමට නොහැකිව දියේ ගිලී මරණයට පත්ව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මියගොස් ඇත්තේ රත්මල්ගස්වැව පදිංචි දරුවන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුලක වැඩිමහල් තරුණයා යි.

ඥාතින් පිරිසක් සමග කැලණිය විහාරස්ථානය වන්දනා කිරීමට යාම සඳහා වැවෙන් රතු ඕලු මල් කැඩීමට ඔහු මෙලෙස වැවේ පිහිනා ගොස් තිබුණා.

මෙම තරුණයා සමග මල් කැඩීමට ගිය තවත් අයෙකු වෑ කන්දේ සිට ඇති අතර තරුණයා නොපෙනී යාම හේතුවෙන් ඔහු අවට පිරිස් වෙත කෑ ගසා ආධාර ඉල්ලා තිබෙනවා.

අනතුරුව ගම්වාසින් පැමින දැඩි වෙහෙසක් දරා පාසි තුල සිරවී සිටි තරුණයා ගොඩට ගෙන තිබුණ ද ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම තරුණයා දියේ ගිලී මරණයට පත් වූ වැව ඔහුගේ සීයා විසින් ඉදි කළ ජයම්පති නමින් හැදින්වෙන වැවක් බව සඳහන්.

ඔහු මෙවර ජයම්පති වැවේ ජලය ලබා ගනිමින් පියාට අයත් කුඹුරු අක්කරයක් වී වගා කර ඇති බවත් එය තනිවම වගා කර ඇති බවද ගම්වාසින් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
18
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?