සීයා ඉදි කළ වැවට මුණුපුරා බිලි වෙයි (ඡායාරූප)

මදුරන්කුලිය රත්මල්ගස්වැව ප්‍රදේශයේදී වැවක මල් කැඩීමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

20 හැවිරිදි මෙම තරුණයා වැවේ මල් කැඩීමට පිහිනා යමින් සිටියදී පාසි තුල සිරවී ඇති අතර නැවත ගොඩට ඒමට නොහැකිව දියේ ගිලී මරණයට පත්ව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මියගොස් ඇත්තේ රත්මල්ගස්වැව පදිංචි දරුවන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුලක වැඩිමහල් තරුණයා යි.

ඥාතින් පිරිසක් සමග කැලණිය විහාරස්ථානය වන්දනා කිරීමට යාම සඳහා වැවෙන් රතු ඕලු මල් කැඩීමට ඔහු මෙලෙස වැවේ පිහිනා ගොස් තිබුණා.

මෙම තරුණයා සමග මල් කැඩීමට ගිය තවත් අයෙකු වෑ කන්දේ සිට ඇති අතර තරුණයා නොපෙනී යාම හේතුවෙන් ඔහු අවට පිරිස් වෙත කෑ ගසා ආධාර ඉල්ලා තිබෙනවා.

අනතුරුව ගම්වාසින් පැමින දැඩි වෙහෙසක් දරා පාසි තුල සිරවී සිටි තරුණයා ගොඩට ගෙන තිබුණ ද ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම තරුණයා දියේ ගිලී මරණයට පත් වූ වැව ඔහුගේ සීයා විසින් ඉදි කළ ජයම්පති නමින් හැදින්වෙන වැවක් බව සඳහන්.

ඔහු මෙවර ජයම්පති වැවේ ජලය ලබා ගනිමින් පියාට අයත් කුඹුරු අක්කරයක් වී වගා කර ඇති බවත් එය තනිවම වගා කර ඇති බවද ගම්වාසින් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54