අමරපුර මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

අපවත්වී වදාළ අමරපුර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

බුද්ධශාසන අමාත්‍යාංශය පැවසුවේ දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරු 3ට නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිත බවයි.

මහානායක හිමියන්ගේ ශ්‍රී දේහය රාජගිරිය ගෝතම තපෝවනයේ තැන්පත් කර ඇති අතර එය රැගත් අවමංගල පෙරහැර පස්වරු 1ට විහාරස්ථානයෙන් පිටත්ව යාමට නියමිතයි.

අමරපුර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන් පසුගිය අඟහරුවාදා (16) අපවත් වන විට වයස අවුරුදු 84ක් ආයු වළඳා තිබුණා.

උන් වහන්සේ අපවත් වූයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යි.

දොඩම්පහල මධ්‍ය මහා විද්‍යාලයෙන් මුල් පාසල් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේගේ ගෘහ නාමය වූයේ එදිරිවීර පටබැඳිගේ සුගුණදාස ය.

1939 දෙසැම්බර් මස 20 වැනි දින දකුණු පළාතේ දොඩම්පහලේදී උපත ලැබූ එදිරිවීර පටබැඳිගේ සුගුණදාස, දොඩම්පහල චන්ද්‍රසිරි හිමියන් ලෙසට වයස අවුරුදු 11 දී 1950 වසරේ නොවැම්බර් මස කුඩාවැල්ල වාළුකාරාම අසපුවේදී පැවිදි දිවියට ඇතුළත් වුණා.

දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන් අමරපුර පාර්ශ්වයේ මහා නායක පදවියට පත් වූයේ 2021 වසරේ ජූලි මාසයේදී.

මාතර විරබා පිරිවෙනෙන් සහ ගාල්ල විද්‍යාලෝක පිරිවෙනෙන් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1962 ජූනි මස 17 වැනි දින මාතරදී උපසම්පදාව ලැබුවා.

මේ අතර, අමරපුර පාර්ශ්වයේ වැඩබලන මහනායක ලෙස දෙවිනුවර රජමහා විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර සිරි සුනන්ද හිමියන් නම් කර තිබෙනවා.

මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුවයි එම පාර්ශ්වයේ විධායක සභාව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39