spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමරපුර මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

අපවත්වී වදාළ අමරපුර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

බුද්ධශාසන අමාත්‍යාංශය පැවසුවේ දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරු 3ට නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිත බවයි.

මහානායක හිමියන්ගේ ශ්‍රී දේහය රාජගිරිය ගෝතම තපෝවනයේ තැන්පත් කර ඇති අතර එය රැගත් අවමංගල පෙරහැර පස්වරු 1ට විහාරස්ථානයෙන් පිටත්ව යාමට නියමිතයි.

අමරපුර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන් පසුගිය අඟහරුවාදා (16) අපවත් වන විට වයස අවුරුදු 84ක් ආයු වළඳා තිබුණා.

උන් වහන්සේ අපවත් වූයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යි.

දොඩම්පහල මධ්‍ය මහා විද්‍යාලයෙන් මුල් පාසල් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේගේ ගෘහ නාමය වූයේ එදිරිවීර පටබැඳිගේ සුගුණදාස ය.

1939 දෙසැම්බර් මස 20 වැනි දින දකුණු පළාතේ දොඩම්පහලේදී උපත ලැබූ එදිරිවීර පටබැඳිගේ සුගුණදාස, දොඩම්පහල චන්ද්‍රසිරි හිමියන් ලෙසට වයස අවුරුදු 11 දී 1950 වසරේ නොවැම්බර් මස කුඩාවැල්ල වාළුකාරාම අසපුවේදී පැවිදි දිවියට ඇතුළත් වුණා.

දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන් අමරපුර පාර්ශ්වයේ මහා නායක පදවියට පත් වූයේ 2021 වසරේ ජූලි මාසයේදී.

මාතර විරබා පිරිවෙනෙන් සහ ගාල්ල විද්‍යාලෝක පිරිවෙනෙන් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1962 ජූනි මස 17 වැනි දින මාතරදී උපසම්පදාව ලැබුවා.

මේ අතර, අමරපුර පාර්ශ්වයේ වැඩබලන මහනායක ලෙස දෙවිනුවර රජමහා විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර සිරි සුනන්ද හිමියන් නම් කර තිබෙනවා.

මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුවයි එම පාර්ශ්වයේ විධායක සභාව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?