මත්පැන් පානය කර අශෝබන ලෙසට හැසිරුණු තරුණ තරුණියන් පිරිසක් පොලිස් භාරයට

පානදුර ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක් අසල මත්පැන් පානය කර අශෝබන අන්දමින් හැසිරුන බාලවස්කාර ගැහැණු ළමුන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූවන් අතර බාල වයස්කාර ගැහැණු ළමුන් දෙදෙනෙකු, බාල වයස්කාර පිරිමි ළමයෙකු, තරුණියක සහ තරුණයින් දෙදෙනෙකු වන බවයි පොලිසිය සඳහන් කළේ.

සංචාරක හෝටලයක් අසල මත්පැන් පානය කළ තරුණ ළමුන් පිරිසක් අශෝභන ලෙස ගැවසෙන බවට ප්‍රදේශවාසින්ගෙන් ලැබුණු දුරකථන ඇමතුම් මත ක්‍රියාත්මකවූ පානදුර පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟාවීමේදී සැකකාර තරුණ තරුණියන් පිරිස මෝටර් රථයක නැගී පිටව යාමට සූදානම් වූ බවටයි වාර්තා වන්නේ.

ඔවුන් සියලු දෙනා මත්පැන් පානය කර සිටි බවට අනාවරණ වීම හේතුවෙන් මෝටර් රථයේ රියදුරු තරුණයා ඇතුළුව 6දෙනාම පොලිසියට රැගෙන ගොස් තිබෙනවා.

එහි සිටි ගැහැණු ළමුන් තිදෙනා ශීලාචාර සම්පන්න බවක් නොමැති ඇදුම් හැඳ සිටි බවත් ඔවුන් සිය අනන්‍යතාවය තහවුරු කිරීමට මැලි කමක් දක්වන බවත් සඳහන්.

අත්අඩංගුවට ගත් එම තරුණ තරුණියන්ව වයස අවුරුදු 19 සහ 25 අතර පසුවන පිරිසක් වන අතර කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හෙළිවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
9
+1
36
+1
8
+1
9
+1
6
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23