spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මත්පැන් පානය කර අශෝබන ලෙසට හැසිරුණු තරුණ තරුණියන් පිරිසක් පොලිස් භාරයට

පානදුර ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක් අසල මත්පැන් පානය කර අශෝබන අන්දමින් හැසිරුන බාලවස්කාර ගැහැණු ළමුන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූවන් අතර බාල වයස්කාර ගැහැණු ළමුන් දෙදෙනෙකු, බාල වයස්කාර පිරිමි ළමයෙකු, තරුණියක සහ තරුණයින් දෙදෙනෙකු වන බවයි පොලිසිය සඳහන් කළේ.

සංචාරක හෝටලයක් අසල මත්පැන් පානය කළ තරුණ ළමුන් පිරිසක් අශෝභන ලෙස ගැවසෙන බවට ප්‍රදේශවාසින්ගෙන් ලැබුණු දුරකථන ඇමතුම් මත ක්‍රියාත්මකවූ පානදුර පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟාවීමේදී සැකකාර තරුණ තරුණියන් පිරිස මෝටර් රථයක නැගී පිටව යාමට සූදානම් වූ බවටයි වාර්තා වන්නේ.

ඔවුන් සියලු දෙනා මත්පැන් පානය කර සිටි බවට අනාවරණ වීම හේතුවෙන් මෝටර් රථයේ රියදුරු තරුණයා ඇතුළුව 6දෙනාම පොලිසියට රැගෙන ගොස් තිබෙනවා.

එහි සිටි ගැහැණු ළමුන් තිදෙනා ශීලාචාර සම්පන්න බවක් නොමැති ඇදුම් හැඳ සිටි බවත් ඔවුන් සිය අනන්‍යතාවය තහවුරු කිරීමට මැලි කමක් දක්වන බවත් සඳහන්.

අත්අඩංගුවට ගත් එම තරුණ තරුණියන්ව වයස අවුරුදු 19 සහ 25 අතර පසුවන පිරිසක් වන අතර කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි හෙළිවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
9
+1
36
+1
8
+1
9
+1
6
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?