අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක්

අද පෙරවරුවේ මහනුවරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් විසින් ලිපියක් භාරදී තිබෙනවා.

පුරාවිද්‍යා සහ බෞද්ධ සිද්ධස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමිනුයි අදාළ ලිපිය ලබාදී ඇත්තේ.

එහි දැක්වෙන්නේ උතුරු නැගෙනහිර පළාත් තුළ පිහිටි විහාරස්ථානවල සහ රට පුරා පිහිටි සුවිශේෂී ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු තහවුරු කළ යුතු බවයි.

එමෙන්ම දැනට විවිධ පළාත්වල ක්‍රියාත්මක කෙරෙන පුරාවිද්‍යාත්මක ස්ථාන සම්බන්ධ ව්‍යාපෘති ඒ අයුරින් දිගටම ක්‍රියාත්මක කිරීම සහ භාහිර පාර්ශවයන් ලබාදෙන ආධාර ඒ සඳහා උපයෝගී කර ගත යුතු බව ද මහනාහිමියන් අවධාරණය කර තිබෙනවා.

ජාතිවාදී සහ ආගම්වාදී අර්බුද ඉස්මතු වන ස්වරූපයක් දිවයිනෙහි විවිධ ප්‍රදේශවල හටගන්නා සිදුවීම්වලින් පෙනී යන අතර එම කටයුතු මැඩලීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ද අස්ගිරි මහ නාහිමියන් ජනපතිට ලබාදුන් ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි උන්වහන්සේ ඉල්ලා ඇත්තේ.

Asgiri Thero Letter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47