අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක්

අද පෙරවරුවේ මහනුවරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් විසින් ලිපියක් භාරදී තිබෙනවා.

පුරාවිද්‍යා සහ බෞද්ධ සිද්ධස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමිනුයි අදාළ ලිපිය ලබාදී ඇත්තේ.

එහි දැක්වෙන්නේ උතුරු නැගෙනහිර පළාත් තුළ පිහිටි විහාරස්ථානවල සහ රට පුරා පිහිටි සුවිශේෂී ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු තහවුරු කළ යුතු බවයි.

එමෙන්ම දැනට විවිධ පළාත්වල ක්‍රියාත්මක කෙරෙන පුරාවිද්‍යාත්මක ස්ථාන සම්බන්ධ ව්‍යාපෘති ඒ අයුරින් දිගටම ක්‍රියාත්මක කිරීම සහ භාහිර පාර්ශවයන් ලබාදෙන ආධාර ඒ සඳහා උපයෝගී කර ගත යුතු බව ද මහනාහිමියන් අවධාරණය කර තිබෙනවා.

ජාතිවාදී සහ ආගම්වාදී අර්බුද ඉස්මතු වන ස්වරූපයක් දිවයිනෙහි විවිධ ප්‍රදේශවල හටගන්නා සිදුවීම්වලින් පෙනී යන අතර එම කටයුතු මැඩලීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ද අස්ගිරි මහ නාහිමියන් ජනපතිට ලබාදුන් ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි උන්වහන්සේ ඉල්ලා ඇත්තේ.

Asgiri Thero Letter
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?