AFC Banner
Empty Ad
Empty Ad

සංවේදී ලේඛන නීතිපතිට දෙන්න – රදගුරු සම්මේලනය ඉල්ලයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කල ජනාධිපති කොමිසමේ වාර්තාවේ අඩංගු සංවේදී ලේඛණ 22 ක් නීතිපතිවරයාට ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙස කතෝලික රදගුරු සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කළා. ඒ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ රදගුරු හිමිපාණන් වහන්සේලා 13 දෙනෙකු නිකුත් කල ඒකාබද්ධ නිවේදනයක් මගින්.

කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛත්වයෙහිලා කටයුතු කරන ලෙස හා අපරාධ චෝදනා එල්ලවී ඇති පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.නීතිමය පියවර අනුගමනය කිරීමේදී නීතිපතිවරයාට පූර්ණ බලතල පවරන ලෙසට ද කතෝලික අගරදගුරු සම්මේලනය නිකුත් කල අදාල නිවේදනය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?