අනතුරට ලක් වූ චීන යාත්‍රාවක ගිය පිරිස බේරා ගන්න ඉන්දියාවේ සහාය

ඉන්දියන් සාගරයේ ගිලී ගිය චීන ධීවර යාත්‍රාවක සිටි පිරිස් බේරා ගැනීම සඳහා මානුෂීය ක්‍රියාමාර්ගයක් ලෙස, ඉන්දියානු නාවික හමුදාව විසින් P81 ගුවන් යානා යොදවා තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය නාවික හමුදාව මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ සිට 900Nm පමණ දුරින් චීන ධීවර යාත්‍රාවක් වන Lu Peng Yuan Yu 028 අනතුරට ලක්වී ඇති අතර නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 39ක් සිටින බව සඳහන්.

චීන, ඉන්දුනීසියා සහ පිලිපීන ජාතිකයන් ඊට ඇතුළත්.

ඉන්දීය ගුවන් යානා අයහපත් කාලගුණය නොතකා පුළුල් සෝදිසි කිරීමක නිරතව සිටින අතර ගිලී ගිය යාත්‍රාවට අයත් දේපළ කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසුවේ ඉන්දියන් සාගරයේ මධ්‍යම ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටියදී මෙම යාත්‍රාව පෙරළී ගිය බවයි.

යානයේ සිටි කාර්ය මණ්ඩලයේ 39 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර හදිසි සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

චීන රජය කාර්ය මණ්ඩලය බේරා ගැනීම ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී තිබෙනවා.

ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මාලදිවයින සහ පිලිපීනය වැනි රටවල් හදිසි ආධාර ලබා දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති බවයි චීන බලධාරීන් ප්‍රකාශ කළේ.

මෙම මෙහෙයුම චීනයේ සහ විදේශයන්හි විවිධ අංශවල පැසසුමට ලක්ව ඇති අතර එම රටවලින් ලැබෙන උපකාර චීන රජය අවංකවම අගය කරන බව ද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා සඳහන් කළා.

අතුරුදන් වූ කාර්ය මණ්ඩලයේ 39 දෙනා සෙවීමේ දී මළ සිරුරු දෙකක් සොයා ගත් බව බීජිං රාජ්‍ය මාධ්‍ය Xinhua පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
3
+1
3
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06