ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට පසු නැති වූ දරුවන් පිරිස හමුවේ

කොලොම්බියාවේ වනාන්තරයකට ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට වැඩි කාලයකට පසුව එහි ගමන්ගත් දරුවන් හතර දෙනෙකු ජිවතුන් අතර සිටින බව එරට ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ සතුට පළකරමින් ට්විටර් පණිවිඩයක් තබා තිබෙනවා.

එම පුවත පිළිබඳ තහවුරු කිරීමක් නොමැති බවයි එරට හමුදා ආරංචි මාර්ග පවසන්නේ. මිට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ අනතුරින් ගුවන් නියමුවා ඇතුළු වැඩිහිටියන් තිදෙනෙකු මිය ගොස් තිබුණ බවයි.

කොලොම්බියානු බලධාරීන් විශ්වාස කරන්නේ යානය දකුණු ප්‍රදේශයට කඩා වැටීමෙන් පසුව අතුරුදහන් වූ ළමුන් හතර දෙනා වැසි වනාන්තර ප්‍රදේශයට ගොස් ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම යානයේ ගමන්කළ අය ගිනිකොනදිග කොලොම්බියාවේ සහ උතුරු පේරු හි ආදිවාසී කණ්ඩායමක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
3
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?