නිවස පෙනි පෙනී අවසන් ගමන් ගිය 15 හැවිරිදි පාසල් සිසුවා (ඡායාරූප)

කැකිරාව – එප්පාවල ප්‍රධාන මාර්ගයේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ පා පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (16) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 15 හැවිරිදි වියේ පසුවූ පුෂ්පික කසුන්ත සමරතුංග නැමැති සිසුවෙක්.

මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පැවති උපකාරක පන්තියකට සහභාගී වී පාපැදියෙන් යළි නිවසට පැමිණෙමින් සිටිය දී මෙම අවාසනාවන්ත අනතුරට ඔහු මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙහිදී සිසුවාගේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථය සිසුවාගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැණ පෙරලීගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු සිසුවා සේනපුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතත්, ඒ වන විටත් සිසුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

අනතුරට ලක් වූ මෝටර් රථයේ රියදුරු සුළු තුවාල ලබා සිටි බැවින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රථිකාර සඳහා කළාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනය කර ගත නොහැකිව පැමිණ සිසුවාගේ ගැටුණු බවත් සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ.

සිය නිවසට මීටර් 500ක් පමණ දුරකින් අදාළ සිසුවා මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

pushpitha 2
345802150 993873484932768 3593138937515199400 n
345791662 969904554037610 396667190595117320 n
345749958 182267401440064 9140792356146759185 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30