spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිවස පෙනි පෙනී අවසන් ගමන් ගිය 15 හැවිරිදි පාසල් සිසුවා (ඡායාරූප)

කැකිරාව – එප්පාවල ප්‍රධාන මාර්ගයේ මහඉලුප්පල්ලම ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ පා පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (16) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 15 හැවිරිදි වියේ පසුවූ පුෂ්පික කසුන්ත සමරතුංග නැමැති සිසුවෙක්.

මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පැවති උපකාරක පන්තියකට සහභාගී වී පාපැදියෙන් යළි නිවසට පැමිණෙමින් සිටිය දී මෙම අවාසනාවන්ත අනතුරට ඔහු මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙහිදී සිසුවාගේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථය සිසුවාගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැණ පෙරලීගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු සිසුවා සේනපුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතත්, ඒ වන විටත් සිසුවා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

අනතුරට ලක් වූ මෝටර් රථයේ රියදුරු සුළු තුවාල ලබා සිටි බැවින් ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රථිකාර සඳහා කළාවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනය කර ගත නොහැකිව පැමිණ සිසුවාගේ ගැටුණු බවත් සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ.

සිය නිවසට මීටර් 500ක් පමණ දුරකින් අදාළ සිසුවා මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

pushpitha 2
345802150 993873484932768 3593138937515199400 n
345791662 969904554037610 396667190595117320 n
345749958 182267401440064 9140792356146759185 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
21
+1
2
+1
1
+1
187
+1
21
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?