ඉදිරි මාස හයේ දී ජනතාවට සහන රැසක් – රාජ්‍ය සේවකයින්ට වැටුපට අමතරව විශේෂ දීමනාවක්

මෙම වසරේ ඉදිරි මාස හයක කාලය තුළ ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා විවිධ අංශවලින් සහන රැසක් ලබාදීම කෙරෙහි රජය විසින් සාකච්ඡා කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය දා ඇහැලියගොඩ ප්‍රදේශයේ බිම්මල් වගා ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය විමසා බැලීම සඳහා පැවැතී රැස්වීමකට එක්වෙමින්.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ගත වූ කාල පරිච්ඡේදය අපේ රටේ ජනතාව මෙතෙක් ගත කළ දුෂ්කරම කාල පරිච්ඡේදයක් බවයි.

“අපි ගත කළේ විශාල දුෂ්කර කාල පරිච්ඡේදයක්. නමුත් දැන් අපේ රට ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. විශේෂයෙන් සංචාරක කර්මාන්තය හා විදේශ සංචිත ඉහළ යමින් තිබෙනවා. මේ වාසිය රටේ ජනතාවට ලබාදීමට රජය මේ වනවිට සාකච්ඡා කරමින් සිටිනවා. මෙම වසරේ ඉදිරි මාස හයක කාලය තුළ අපේ ජනතාවට ආර්ථික වාසි රැසක් ලබාදෙනවා. විශේෂයෙන් විදුලි බිල ඉදිරි මාසය හෝ මාස දෙක තුළ අඩු කරනවා. ඒ වගේම ඉන්ධන මිලත් අවස්ථා දෙකක දී ඉදිරියේ දී තවදුරටත් අවම කරනවා. ගෑස් මිල ගණන් තවදුරටත් අඩුවෙනවා. අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාසිකව සහනාධාර මුදලක් ලබාදීම ලබන මාසයේ සිට අරඹනවා. එක් පවුලකට රුපියල් 3000, 5000, 8000, හා රුපියල් 15,000 බැගින් මුදලක් ජීවනෝපාය සංවර්ධනය සදහා ඔවුන්ගේ ගිණුම්වලටම බැර කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ වගේම බදු සහන ඉල්ලා මේ දවස්වල සමහර අය කෑගහනවා. ඒ අයටත් කියන්නේ ඔවුන් ඉල්ලා සිටි බදු සහනත් අපි රජයක් වශයෙන් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ නිසා බදු සහන ලබා දෙන ඉල්ලා කෑ ගහන්නට දැන් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම රාජ්‍ය සේවකයින් සඳහා වැටුපට අමතරව විශේෂ දීමනාවකුත් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
2
+1
53
+1
4
+1
7
+1
12
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21
Video thumbnail
නාමල් වරෙන්කෝ ගමට තොපිට ඉදලෙන් ග#හන්නේ - මුන් බොරු කිය කිය වටේ යනවා
04:51
Video thumbnail
වේවැල්කදුර - වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවෙයි ..වාහන ගමනාගමනයටත් බාධා
01:36
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ අන්තරේ සෙට් එක රැය පහන් කරන්න සූදානම්
01:06
Video thumbnail
ජනාධිපතිතුමා කියන දේ කරනවා - අපේ ඇඟ හිරිවැටිලා යනවා
00:53
Video thumbnail
තිස්සකුට්ටි ජනාධිපතිට දාපු කින්ඩිය - ජනාධිපතිතුමා කියන දේ කරනවා
01:16
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම දන්න බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38