නිදා සිටි පුද්ගලයා පොරවකින් පහර දී ඝාතනය කරලා (ඡායාරූප)

පොරවකින් පහර දී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් හුරීගස්වැව, තලාකොළවැව ප්‍රදේශයේ නිවසක තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තුසිත කුමාර හේමපාල හෙවත් ‘කට්ටා’ නැමැති අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

දෙදරු පියෙක් වන මෙම පුද්ගලයා අද (14) අලුයම නිවසේ සාලයේ බිම නිදාගෙන සිටිය දී පොරවකින් පහර දී ඝාතනය කර ඇති බවයි සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදුකළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, දුරදිග ගිය ආරවුලකට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකළ බවයි ඔහු පවසා ඇත්තේ.

ඝාතනය ලක් වූ පුද්ගලයා විසින් ඔහුගේ පියාගේ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඔහු ද රෝහල් ගතව ප්‍රතිකාර ලබා මීට දින කිහිපයකට පෙර නිවසට පැමිණි ඇති බවට ද කරුණු අනාවරණය වනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හෙට (15) දිනයේ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14