රැකියා විරහිත තරුණයන්ට ණය දෙන්න වැඩපිළිවෙළක්

වගා කටයුතු සදහා කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දු කරවීමේ වැඩ පිළිවෙළක් වශයෙන් තරුණ ප්‍රජාවට සහන පොලී අනුපාතයක් යටතේ ණය මුදල් රාජ්‍ය බැංකු මගින් ලබා දීම සදහා මැදිහත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යාපෘති හතරෙහි නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව වැඩ සටහන හෙවත් SAPP ව්‍යාපෘතිය විසින් ඊයේ (13) හම්බන්තොට දී තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට උනන්දු කරවීම සඳහා අදාළ සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කළ බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම වැඩ පිළිවෙළ යටතේ සියයට 6.5ක අවම පොලී අනුපාතයක් යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 50කට රුපියල් මිලියනයක් හා මිලියන දෙකක් බැගින් ණය මුදල් ප්‍රදානය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරනු ලැබුවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සහන ණය වැඩ සටහන යටතේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සිටින කෘෂිකර්මාන්තයට කැමැත්තක් දක්වන රැකියා විරහිත තරුණ තරුණියන්ට ද තමන් කැමැති සුදුසු වගාවක් සඳහා හෝ සත්ව පාලනය සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබා දීමට කටයුතු යොදා ඇති බවයි කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගීත්ව වැඩ සටහන හෙවත් SAPP ව්‍යාපෘතිය පවසන්නේ.

එමෙන්ම SAPP ව්‍යාපෘතිය විසින් ණය මුදල් ලබා ගන්නා තරුණ තරුණියන්ට අදාළ වගා කිරීමට අවශ්‍ය තාක්ෂණය, උපදෙස්, අධීක්ෂණය හා තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා අවශ්‍ය වෙළෙද පොල ද සම්පාදනය කර දීම විශේෂත්වයක්.

විශේෂයෙන් රැකියා විරහිත තරුණ ප්‍රජාව ඉළක්ක කර ගනිමින් ආරම්භ කර ඇති මෙම වැඩ සටහන මගින් හැකි තරම් අපනයනය ඉළක්ක කර ගනිමින් වගා කළ හැකි කෘෂිකාර්මික බෝග, එළවළු හා පලතුරු නිෂ්පාදනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම අවස්ථාවට රාජ්‍ය බැංකු නියෝජනය කරමින් එහි උසස් නිලධාරින් මෙන්ම SAPP ව්‍යාපෘතියේ නිලධාරින් ද එක්ව සිටියා.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටියේ ණය මුදලක් ලබා ගැනීම ගැටලුවක් නොවන බවත්, ණයකරුවෙක් නොවී එම මුදල් ඵලදායි ලෙස යොදා ගනිමින් කෙටිකාලයක් තුළ තමන් සාර්ථක වීමටනම් උත්සාහයෙන් හා කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි. බැංකුවල අසාදු ලේඛන ගත නොවී බැංකු සමග ගනුදෙනු කරන විශ්වාසය දිනාගත් හොඳ ගනුදෙනුකරුවෙක් වීමට උත්සාහ කරන ලෙස ද අමාත්‍යවරයා ණය ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
2
+1
15
+1
3
+1
2
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55