රාජ්‍ය සේවකයින්ට අනිද්දා සිට ඇඟිල්ල තැබීම අනිවාර්ය කෙරේ

රාජ්‍ය සේවකයින් ලබන සඳුදා (15) සිට සේවයට වාර්තා කිරීමේ දී සහ පිටවීමේ දී ඇඟිලි සලකුණ සටහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් වන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ සභා අමාත්‍යාංශය විසින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

කොවිඩ් වසංගතය ඇතුළු විවිධ දුෂ්කරතා හේතුවෙන් රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීමේ චක්‍රලේඛ කිහිපයක් නිකුත් කරමින් සහන ලබාදී තිබුණා.

එම සහන ලබාදීමට නිකුත් කළ චක්‍රලේඛ අහෝසි කරමින් මෙම නව චක්‍රලේඛ නිකුත්කිරීමටයි ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතුකර ඇත්තේ.

මේ අතර ලක්ෂ 17ක් වන රාජ්‍ය සේවකයින් නඩත්තු කිරීම සඳහා වසරකට රුපියල් ට්‍රිලියන 1.4 ක මුදලක් වය කිරීමට සිදුවන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

එලෙස වැය කෙරෙන මුදලට සාපේක්ෂව ඔවුන්ගෙන් රටට සහ ජනතාවට සැබෑ ප්‍රතිලාභයක් හිමිවනවා ද යන්න පිළිබඳව සිතිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
8
+1
60
+1
8
+1
4
+1
13
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07